Friday, March 5, 2021

            සිනමා නිර්මාණයක දෘෂ්ඨිවාදී අඩංගුව

                                                    බඹර වළල්ල ඇසුරෙන්


අබා චිත්‍රපටයට හොඳ ආ ආදායමක් ලැබුණා එයින් අදහස් වන්නේ විශාල පිරිසක් එය නැරඹුවා යන්නද මිනිසුන් වැඩි දෙනෙක් කැමතිවන්නේ හිතට සුව සහනය දෙන දේවල් දැක්මට ර වළල්ල එවැනි චිත්‍රපටයක් නොවෙයි එය ඉතා රළු චිත්‍රපටයකි බඹර වළල්ල හුදු සිනමා කෘතියක් පමණක්ම නොව වචනයේ පරිසමාප්ත  අර්ථයෙන් පුළුල් සමාජ  විග්‍රහයකි චිත්‍රපටය මුල සිටම විවිධ වූ සමාජ තල රැසක් මේ නිර්මාණකරුවා විදහාපායි

තම බාප්පා අතින් දූෂණය වීම නිසා පොඩි එකාගේ අක්කා දිවි නසා ගනී එය දැක්මෙන් කම්පාවන පොඩි එකා උදැල්ලෙන් ගසා බාප්පා මරාදමනු ලබයි ඒ වෙනුවෙන් හිරගෙට යන පොඩි එකා ආපසු ගම්ට එන්නේ තරුණයකු ලෙසය ඔහු අකුරු නොදනී ඔහුට කුමක් වුවත් කම් නැත මේ ප්‍රේමය බාරනොගන්නා ගැමියකුගේ කෙස් කපා දමන්නේ එහෙයිනි  දඬුවම් ලෙස ගැමියෝ ඔහුට දරුණු ලෙස පහර දෙති මේ තුළ මූලිකවම මෙරට පැවැති සහ අදටත් පවතින දුර්වල ලිංගික අධ්‍යාපන ක්‍රම රටාව ප්‍රබල ලෙස කතාබහට ලක් කරයි කුඩා වයසේදීම සමාජ  ආශ්‍රයෙන් ඈත්ව රටේ ප්‍රබල උප සංස්කෘතියකට යටත්වන  පොඩි එකාගේ තරුණවිය තුළ ඇත්තේ අර්ධ ස්වභාවයකි  ඒ තුළ ලිංගික අධ්‍යාපනය අර්ධය හිස්ය ලංකාව තුළ ලිංගික අපයෝජන ළමා අපචාර ස්ත්‍රී දූෂණ ආදී බහුවිධ අපරාධයන්ට මූලික හේතු බීජය වන්නේ ද මෙයයි සිනහවකට සොම්නසට එක මොහොතකටවත් ඉඩ ලබා නොදෙන බව චිත්‍රපටිය ඔබෙන් මගෙත් හාත්පස සමාජය මේ යැයි කියා දෙන කලා කෘතියකි

හොඳ කලා ආකෘතියක් යනු  ඔබ සිටින තැනින් ඔබ්බට ගොස් ජීවිතයේ හා සමාජය යනු මෙයයි කියා දෙනු ලබන්නකි ඒ අනුව බඹර වලල්ල සිනමා කෘතිය තුළ ප්‍රධාන දෘෂ්ඨටිවාදීමය අඩංගු වනුයේ පවතින ගඳගහන ජරා සමාජ ක්‍රමයේ එක් එක් අඳුරු කෝණ සියුම් ව ඉස්මතු කිරීමය ඒ එක් එක් චරිත වල මානුෂීය ලක්ෂණ හා සමාජීය ක්‍රියාකාරකම් පදනම් කරගෙනය ඇතැම් විචාරකයෙකු මෙය මාක්ස්වාදී කියමනක් ලෙස ඉදිරිපත් කරනු ලබයි තවත් විටෙක විශේෂයෙන්ම මාක්ස්ගේ පන්ති විග්‍රහයේ සිට බලන විට බඹර වළල්ලේ ඇති සෑම චරිතයක්ම ධනපති පන්තියේ බලය විසින් නිර්ධන පන්තියේ සම සූරාකෑම නිරූපණය කරන්නකි මාක්ස්වාදී ආකෘතිය තුළ ප්‍රාග්ධනය යන කාරණය ආර්ථික සාධක හරහා මෙම පන්ති දෙකේ ගැටීම තුළින් බඹර වළල්ල කියවීමට හැකි බව ඔවුන්ගේ මතයයි  මූලිකවම මෙම කෘතිය  රස විඳීමේදී  මෙහි ඇති සියුම් චරිත තුළින් එළි දකින යථාර්ථය තේරුම් ගැනීමට පෙර මාක්ස්වාදී අදහස කිහිපයක් වැදගත්වනු ඇත ජර්මන් දෘෂ්ටිවාදය හා කොමියුනිස්ට්වාදී ප්‍රකාශනය යන ග්‍රන්ථ තුළින් මෙම අදහස ඉදිරිපත් කර ඇත අපෝහක භෞතිකවාදය නැතහොත් පන්ති දෙක ගැටීමත් තුළින් නව පන්තියක් බිහිවීමත් මෙහිදී ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය සූරාකෑම් ග්‍රාමීය සුළු ධනේශ්වරය සහ නාගරික සුළු ධනේශ්වරය අතරද  ද දක්නට ලැබෙන බව මාක්ස් දක්වයි ප්‍රාග්ධන සාධක මුල් කොටගෙන ධනේශ්වරය විසින් නිර්ණය අමානුෂික ලෙස භාවිතා කරයි භාණ්ඩ හුවමාරු භාණ්ඩ ලෙස යොදා ගැනීම එහිදී දක්නට ලැබෙන අතර හුදෙක් වෙළඳ භාණ්ඩ යන තොරව මානුෂික හැඟීමෙන් බැලීම්ට ඔවුන් කිසිවිටෙකත් උත්සාහ නොකළ බඹර වළල්ලෙ  ප්‍රධාන චරිතය පොඩි එකා උපතින්ම ධනේශ්වරය තුළ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීමට උපතින් උරුම වූ සමාජ සංස්කෘතික සාධක මත පොඩි එකාගේ පන්තියෙ නිර්ණය වන බව දක්වා ඇත ගමේ කසිප්පු මුදලාලි වන තමාගේ බාප්පාගේ අතකොලුවක් බවට 


පත්වන පොඩි එකා ඔහුගේ යටතේ සේවකයෙකු ලෙස ලාභ ප්‍රයෝජන සඳහා කට කටයුතු කරයි  අකුරු නොදත් පොඩි එකා බාප්පාගේ කූට වෙළඳාම් වල්ට තම ළමා සමයේ දියකර හරී පොඩි පොඩි එකා විසින් දකින්නේද බලවතාගේ සූරාකෑමේ සිදුවීම් මාලාවන් ය බාප්පා විසින් තමන්ගේ මව සහෝදරිය ලිංගිකව සූරා කෑමට ලක් වීම සහෝ සහෝදරිය ගෙල වැලලාගෙන මරණයටවැලලාගෙන මරණයට පත්වීම අකුරු නොගත්තද සංස්කෘතිය කියවූ පොඩි එකාට දෑස් පියා බලා සිටිය නොහැකි කරුණක් බවට පත්වේ ගම තුළ ස්ත්‍රීත්වය දකින්නේ තිරිසන් ආකාරයෙනි මතට ඇබ්බැහි වූ තිරිසන් ගති ඇති මිනිසුන් පුරුෂාධිපත්‍ය සමාජයක් තුළ කාන්තාවට ඇති ස්ථානය හෙවත් ඔවුන්ගේ විඥානය ගොඩ නැගී ඇති ආකාරය මෙයින් පැහැදිලි වේ ඔහු දෙවන අවස්ථාවේ තම මාමාගේ හරක් බලා ගනිමින් ද නිර්ධන පන්තියේ හමුවේ ඇති අභියෝග ඉදිරිපත් කරන බව දක්වා ඉන් පසු කාලය මැල් නැමැති ව්‍යාපාරිකයා යටතේ සූරාකෑමට ලක්වෙයි 

පොඩි එකා ගමෙන් නගරයට ගෙන යනු ලබන්නේ මැල නැමැති මිනී පෙට්ටි වෙළෙන්දා විසිනි ඔහු ධනේශ්වරය මෙහෙයවන්නේ මල්ශාලාව ප්‍රධාන ආර්ථික සම්පත කරගෙනය මල් ශාලාව ආරම්භ කරනු ලබන්නේ අවසන් වී තොගය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කරමිනි “ඔන්න අවසන් වී තොගය පැටවෙනවා“ එයින් සංකේතවත් කරනවා විවෘත ආර්ථික ක්‍රමය යටතේ කෘෂි කර්මාන්තය ජීවනෝපාය කරගත් යුගයේ අවසානය නගරයෙන් ආරම්භ කරන බවයි-- අවසානයේ මිනීපෙට්ටි සාප්පුව තුලින් පෙන්වන්නේ ආර්ථිකයේ  මළගම ලෙස දැකිය හැකිය-  මෙම නාගරික සුළු ධන ධනේශ්වරය තුළ මැල් මුදල්ාලි සැදැහැවත් මිනීමරුවාට මනාව සිනමාපටය පුරාම රඟදක්වය-ි මෙම පංතිය තුළ ජීවත්වන් පෝයට මිල අධික මල් වට්ටියක් හා අටපිරිකරක් පූජා කරන පන්සිල් සමාදන් වන බෞද්ධ  සම්මේලන වල සභාපතිකම්් හොබවන  ගමන් මත් කුඩු විකුණන රටේ මිනිස්සුන්ගේ කනණකර උකස්කර ජාවාරම් කරවන  මුදලාලිලා කරවන මුදලාලිලා හා නෝනලා ඕනෑතරම් ලාංකීය සමාජයේ සුළු ධනේශ්වරය ලෙස ආක්‍රමණය කරමින් සමාජය අකර්මණ්‍ය කරමින් සිටි එමෙන්ම මෙම ක්‍රමයේ පීඩිතයා වන ග්‍රාමීය සුළුතර දිළින්දන් තුලද පවතින අභ්‍යන්තරික ඝට්ටනය සහ ග්‍රාමීය දිළිඳු ගම අතහැර යෑමට බලපාන එක් එක් හේතූන්ද මේ තුළ කතාබහට ලක්කළ හැකිය- එනම් අප්පුහාමි මාමාගේ මැරයන් පොඩි එකාගේ නිවසට මව සමග ම ගිනි තැබීමයි එහි ප්‍රධාන දෘෂ්ටිවාදී ස්ථානයක් ගැබ්ව ඇත එනම් පොඩි එකාගේ ගැමි ජීවිතය අවසන් බවයි එනම් පොඩි එකාගේ ගැමි ජීවිතය අවසන් බවය-ි එසේම අප්පුහාමි මැරයන් විසින් පොඩි එකාගේ කකුල් කඩයි- පොඩි එකාට ඉදිරියට යෑමට ඉඩ නොදීම පිළිබඳ සංඛ් සංකේතයකි මාමා නගරයේ මහා පරිමාණ පාතාලය සේ ගමේ පාතාලය තම බලය ක්‍රියාත්මක කර පොඩි එකාගේ කකුල් දෙක කඩනු ලැබේ- මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලයකුට මනසට පහර දෙනවාට වඩා ඉදිරියට යෑමට  නොහැකි වන ලෙස කකුල් දෙක කඩා දැමීමය- මෙයින් හැඟවෙන්නේ සූක්ෂම ලෙස ගමු තුළ ක්‍රියළ ක්‍රියාත්මක වන බලවේග නගරයේ මෙන් ප්‍රසිද්ධියේ නොවුනණත් ගම තුලද පවතින බවයි- පීඩිතයා තුළද ගෝත්‍ර සටන් පවතී යන්න ඉන් පිළිබිඹු වේ- සුළු ධනේශ්වර පන්තිය අභ්‍යන්තරය සිදුව වූ ගැටුමක් ලෙස මැල් මහතා සහ තම එදිරිවාදීන් අතර සිදුවූ වූ සමග සටන හැඳින්විය හැක එහිදී මැල්ගේ මිනී පෙට්ටි සාප්පුවකට එල්ල වූ ප්‍රහාරයෙන්  ගෝලයෙකු මිය යාම හා සාප්පුවේ වීදුරු බිඳී යය-ි එම අවස්ථාවේදී එය ආරංචි වී පැමිණි වීදුරු කටු උඩින් ඇවිද මිනිය ළඟට  පැමිණේ  එය පාදයේ සමීප රූපයකින් ඉදිරිපත් කළ ඇත- 


තවද ඔහු ඇවිදින්නේ සෙරෙප්පු පැළඳ ගනිමින් ඉන් පැහැදිලිව  නිරූපණය වන්නේ ධනපතියන් සෑමවිටම ආරක්ෂාකාරී බව ය- ගම්‍ය වන්නේ ධනේශ්වර සමාජය තුළ පීඩිත යාම පමණක් වින්දිතයන් වන ලක්ෂණ තුළද ධනේශ්වරය කුමන ආකාරයකින් තම අරමුණ මුදුන් පමුණුවා ගත්තද එහි අතකොලුව වන්නේ දිළින්දා ය- 

අප්පුහාමි ගමෙහි පිළිගත් ගොවියෙක් ලෙස දැක්විය හැකිය- සුළු ධන ධනේශ්වරයට ගොඩබවීමට උත්සාහ කරන අයෙක් ලෙසද අප්පුහාමි මාමා දැකිය හැක- මීහරක් විශාල සංඛ්‍යාවක් සිටින නැතහොත් ආර්ථික අතින් දියුණු වුවත් සමාජ බලය නැති නිසා එය ලබාගැනීම උදෙසා පොඩි එකා පාවිච්චි කරනු ලබයි එය සීසෑමේ තරගය සඳහා පොඩි එකා සූදානම් කිරීමත් සමග පැහැදිලිවේ ජීවිතයේ කිසිම දවසක තරඟයක නොයෙදුණු නමුත් ජීවිත තරඟයේ බාධක මතින් දුවන පොඩි එකාට තරගයක-ි තරගයේදී ඉදිරියට එන කාහට වුවත් නොපෙනී සිට බිම වැට්ටවීමට උත්සාහ කරන මනුෂ්‍ය ස්වභාවය ජීවිත තරගය අත් දකින්නට හැකි පොදූ  ස්වභාවයකින් නමුත් ඔවුන් දුවන්නෙ ද එකම රවුමේ එකම පිරිසක් වට පොඩි එකාද මේ යථාර්ථය අත්දකින ලද වුවත් අවසානයේ ජයග්‍රහණය කරනු ලබයි- මෙහිදී මාමා ඔහුට සළකන අයුරින් ගම්‍ය වන්නේ තම පන්තියේ මනුෂ්‍යත්වයට සැළකීමට වඩා තම ලාභ ප්‍රයෝජන ඇති තැනදී සැලකීම බොහෝ අයගේ ස්වභාවය පසක් කරයි  මැල් චරිතය සැමවිටම පොඩි එකා නම් චරිතය නගරය  හුරු කළා වූ පුද්ගලයාය- අවස්ථාවන් කිහිපයක නිරූපණය වේ ගමේ වම් අත වම් අත එක ටිකක් හරි මදි දකුණෙන් කාපන් මෙහිදී පැහැ පැහැදිලිවම නෑ නම් වූ මිනී  පෙට්ටි සාප්පු මුදලාලි විසින් පොඩි එකා ශික්ෂාව හා තියුණු ලෙස එම  පරිසරයට   හුරු කර ගැනීමේ මෙහෙයුම සංකේතවත් කරයමිනි මෙමගින් ගම්‍ය වන්නේ නාගරික ධනේශ්වරය තම ලාභ ප්‍රයෝජනය සඳහා ග්‍රාමීය දිළින්ඳන් තමන්ගේ අවශ්‍යතාව පරිදි සකස් කර ගන්නා ආකාරයයි- මෙහි ප්‍රධාන චරිතය වන පොඩි එකා විවිධ සමාජ තල අතර දෝලනය කරවමින් නමුත් චරිතයට අනන්‍ය වූ ගති ලක්ෂණ චිත්‍රපටය පුරාම පවත්වා ගැනීමට නිර්මාණ කරුවා සමත් වෙයි මිනිසුන් බොහෝ විට මිනීමැරීමට පෙළඹෙන්නේ නම් ඕනෑකමට නොවෙයි සමාජයේ ඕනෑකමට තම පන්තියේ නැතහොත් ඊට උඩින් තිබෙන පන්තියේ ඕනෑකමට මිනිසුන් හැඩගැහෙන්න තම ඕනෑ කමට නොව සමාජයේ ඕනෑකමට මිනිසා සමාජ සත්ත්වයෙකි ජීවත්වන සමාජ පැලය අනුව ඔවුන් පන්ති ගත්වී ඇත- පන්තියක් විසින් පන්තියක් හසුරවයි බඩගෝස්තරවාදී සමාජ ක්‍රමය තුළ ඉහළ යැයි සම්මත පන්තිය පහළ යැයි පංතිය තම ඕනෑ එපාකම් අනුව වෙනස් කර ගැනීමට වෙර දරයි- පොඩි එකාගේ අහිංසක චරිතය බඩගෝස්තරවාදී අතකොළුවක් වෙමින් පීඩිතව ක්‍රම ක්‍රමයෙන් කැටයම් ව අවසානයේ මනුෂ්‍ය ඝාතන නියමුවක් බවට පත් වන්නේ ඒ විපරීත වූ ඊනියා සමාජ පන්ති ක්‍රමය ඕනෑ එපාකම් වලට අනුව ය-

සුපුන් හේමචන්ද්‍ර

 

No comments:

      ISO & WHITE BALANCE   WHITE BALANCE Ever wonder why certain film is labeled as daylight film? This designation is used t...