Saturday, September 14, 2019


THE BOW     

ආදරය ගැන වෙනස්ම කියවීමක්




කලාව යනු සොබාදහම ප‍්‍රතිනිර්මාණය කිරීමකි නැතිනම් මිනිසා ජීවත්වීමට දරන්නවූ නිරන්තර අරගලයේ එක් ක‍්‍රියාවලියකි මෙහිදී ලොව සත්වන කලා මාධ්‍ය ලෙස මෙලොව එලිය දුටු සිනමාව අද ලෝකයේ නිම් වලලූ සිසාරා විවිධ අනුභූතීන් පාදක කොට ගෙන දිනෙන් දින දලූ ලා වැඩිණි, වියත් සිනමාව තුල කලා කරුවා තම ආතම ප‍්‍රකාශනය තම පේ ‍්‍රක්ශකයාට සමීප කිරීමේදී සිනමා ව්‍යාකරණයතුල නිශ්චිත රටාවක් හෝ එහි ආඛ්‍යාන ස්වරූපය විවිධ විය හැකිය  ඇතැම් අධ්‍යක්ශවරුන් තම සිනමා පඨිතය තුල  තම තේමාව ඇසුරෙන් සමාජගත කිරීමට වෑයම් කරන, තම කලා නිර්මාණයේ අරමුණ අවසානයේ පාඨකයාට සෘජුව වැටහෙන පරිදි කථාව මුල මැද අග සියල්ල මනාව කැටි  කරගත් නිර්මණ බිහිකරනු ලබයි’නමුත්  ඇතැම් අධ්‍යක්ශවරුන් තම සිනමා පඨිතය තුල  සමාජ ගත කිරීමට වෑයම් කරනු ලබන නැතහොත් තම සිතැඟීන් සිනමා පඨිතය අවසානයේ එහි අරමුණු  පේ‍්‍රක්ශකයාට වටහා ගැනීමට ඉඩ සලස්වයි, එනම් පේ‍්‍රක්ෂක චින්තය මෙහෙය වීමට ඔවුන් වෑයම් කරනු ලබයි,එය  ඔවුන් තම නිර්මාණය තුල දෙබස් වලින් සිදුනොකළද අදහස සෘජුවම සමාජ ගත කිරීමකට එහා ගිය සංකේතාත්මක බසකින් නව සිනමා ව්‍යාකරණයක් භාවිතා කර ඒ ඒ  සංකේත තුලින් තම සිනමා පඨිතය සමාජ ගත කිරීමට වෑයම් කරනු ලබයි 



කොරියානු ප‍්‍රවීණ  සිනමාවේදියෙකු වන කිම්කිඩුක් යනු මා ඉහත සඳහන් කල පරිදි තම පේ‍්‍රක්ෂකයාගේ බුද්ධිය මෙහෙයවන අධ්‍යක්ෂ වරයෙකිx  ඔහුගේ  Iron  ආදී නිර්මාණයන්ය මෙහිදී පහත විචාරයට ලක්වන The Bow  නැමති සිනමා නිර්මාණයද එසේ භෞතිකවාදී හා විඥානවාදී සන්ඳර්භයන් අතර දෝලනය වන්නාවූ මානුශීය හැඟීම් වෙනස්ම ආකාරයක සිනමාත්මක කියවීමකxි

සාර්වත‍්‍රික වූත් සාර්වභෞමික වූත් මානව හැඟීම් නිහඩව විවරණයකරන මෙම නිර්මානය තුල ආදරය , හිමිකර ගැනීම හා තම ආශාවන් සාක්ශාත් කර ගැනීම යන හැඟීම හමුවේ,හැඟීම් තුලින්ම ප‍්‍රතික‍්‍රියා දැක්වීම තුලින් කිම් නිරූපණය කර ඇත

චිත‍්‍රපටය  ආරම්භයේදී මුල් රූප රාමු තුලින් සංකේතාත්මක විවරණයක් සපයන්නේ චිත‍්‍රපටයේ නම වූ යන්න විවරණය කරමිනි’ එහි දුන්න යනු ශක්තිමත් නම්‍යශීලී දෙයකි, විටෙක එය ආයිදයක් ලෙසත් විටෙක සංගීත භාණ්ඩයක් ලෙස චිත‍්‍රපටයේ ප‍්‍රදාන චරිතය වන මහල්ලා භාවිතා කරයිx එහි ගැඹුරු සංකේතාත්මක  අරුථක් විවරණය කරණු ලබයxි’ එනම් මිනිස් සිතයි’ විටෙක නම්‍යශීලීය විටෙක රෞද‍්‍රය’ ඒ මිනිස් හදවතේ පොදු ධර්මතාවයයි විශේෂ ආදරය නැමති කරුණ හමුවේ , හදවත ක‍්‍රියා කරන ආකාරයයි’ එරට සංස්කෘතියට අනුව ඇය කාතාව ආරම්භයේදීම මල්වර වූ නව යුවතියක් බවට අධ්‍යක්ෂවරයා සංකේතත්මකව පේ‍්‍රක්ශකයාට සමීප කරයි’ එතැන් පටන්  නව යුවතියකගේ හැඟුමන් කෙසේද යන්න  පේ‍්‍රක්ශකයා දන්වයි නමුත් දුර රූප රාමු මැයගේ ජීවිතයේ හුදෙකලා බව පෙන්නුම් කරන විට වැටහෙන්නේ ඇයගේ ජීවිත අත්දැකීම් මඳ බවයි, එනම් හිස් වූ කලයකට වතුර පිරවීම පහසු බවය


කථාව ගලායෑමේදී බෝට්ටුවට වරින් වර ගොඩවන පුද්ගලයන් තුලින් අධ්‍යක්ෂවරයා මිනිස් සිත තුල උඩු සිත මඟින් වසා ගෙන සිටින යටි සිතේ ජාගර බව ,තරුණියට සිදුකරන අතවර තුලින් එය එක් පුද්ගලයෙකුගේ පමණක් නොව සමස්ථ පිරිමි වර්ගයා තුල ඇති ජාගර බවක් බව පෙන්නුම් කරයි’x 

එහිදී  මහල්ලා මෙම නව යුවතිය තම දියණියක්  පණ මෙන් රකින පියෙකු මෙන් සෙනෙහස දක්වන අයුරු ඒ ඒ රූප රාමු තුල අධ්‍යක්ශවරයා ගැබ් කර ඇත එහිදී මූලිකවම පේ‍්‍රක්ශකයා වටහා ගන්නේ තම දියණිය රකින පිය සෙනෙහසය‌‌

ඇයගේ ශරීර ප‍්‍රමාණය මැනීම හා ඔහු දින දර්ශනයේ දින ගනන් කිරීම ඔහු යමක් අපේක්ශාවෙන් සිටින බව ගම්‍ය කලද  චිත‍්‍රපටයේ අවසානය තෙක් එය පේ‍්‍රක්ශකයා වටහා නොගනී’
තරුණිය, ජීවිතයේ බරක් පතලක් නොදන්නා සහ හුදෙකලා ජීවිතයක් ගතකරන බව සමාන්තර ෙඡ්දනයකින් රූප රාමුව තුල සැරිසරන තනි නිහඬ පක්ශියාගෙන් සංකේතවත් කරයි’ දිනක්  ගොඩබිමට ගොස් පැමිණෙන මහල්ලා ඇයගේ අතට දෙන බෑගය තුලින් බිමට පතිත වන පාවහන් යුගලය හා ඒ දෙස වික්ශිප්තව හෙලන බැල්ම තුල මහල්ලාගේ අරමුණ  විවරණය කිරීමේ මුල් ගල තබයි’ 
නමුත් කථාවේ හැරවුම්  ලක්ෂය වනුයේ බෝට්ටුවට මාලූ බෑමට පැමිණෙන තරුණයාගේ ආගමනයයිx
ඒ තුල යොවුන් පේ‍්‍රමය යොවුන් පේ‍්‍රමය තුල මිනිස් සිතේ වෙනස්වීම් ආදිය, තරුණිය හා එම තරුණයාගේ චරිත ද්විත්වය ගට්ටනය තුලින් විවරණය කරණු ලබයි’ කථාවේ උච්චතම අවස්ථාවට මඟ පාදන බීජය මෙම අයුරින් නිරීපණය කෙරෙන අතර  පලමුවර තරුණයා තරුණියට මතකයජ්ක් ඉතිරි කර යන්නේ තරුණ සිතේ පොදු ධර්මතාවයන් විවරණය කරමිනි , තවද ඇගේ එම මතකයන් හා ආදරය  දළුලා වැඞීම සංකේතාත්මකව පේ‍්‍රක්ශකයාට සමීප කරවීමක් මෙහි දක්නට ඇත

තරුණියගේ වෙනස් වීම මහල්ලාට තේරුම් ගිය වහා ඔහුගේ යටි සිතේ අරමුණ පණ ගැන්වීම  ආරම්භවන්නේ ක්‍රෝධය හා වෛරය නැමති පොදු මානුශීය ගුණාංගයන්  ඉස්මතු කරමිනි’ මෙහිදී ඔහු සියළුම සංවේගයන් දුන්න ආදරයෙන් සකසා ගත් වයලීනය ඔස්සේ පිට කරනු ලබයි’x පේ‍්‍රක්ශකයාට සමීපවන එම නාදයේ තීව‍්‍ර තාවය අනුව එම හැගීම වෙනස් වේ


මහල්ලා පොදු මිනිස් චෛතසිකයකට අයත් වුවද, ඔහු තමන්ගේ ඇල්මැරුණු ජීවිතයට නැවත පණ දීමට උත්සහ කරනු ලබන බව අධ්‍යක්ෂවරයා සංකේතවත් කරණු ලබන්නේ  ඔහු තනා ජීවත්වන බෝට්ටුව නැවත සක‍්‍රීය කිරීමට ගන්න වෑයම  නිරූපණය කරවමිණි’

දිනක්  ඇයට හමුවන මඟුල් ඇඳුම් කට්ටලයකින් මහල්ල මෙතෙක් සඟවාගෙන ආ හැඟීම පේ‍්‍රක්ශකයාට විවර වේ
එය මහල්ලාගේ එකම අරමුණ වන බව පසක් වන්නේ ඉදිරියටයx 
තරුණියගේ සිතේ තරුණයා කෙරෙහි ඇති ආදරයත් , ඔහුගේ පහස අපේක්ශා කරන බව බිලී කොකු දෙක ඇය විසින් අමුණා එහි සමීප රූපයකින් පේ‍්‍රක්ශකයාට සමීප කිරීමෙන් සංකේතාත්මක අර්ථ නිරූපණයක අධ්‍යක්ෂවරයා යෙදෙයි’x තවද ඇයට විසින් මඟුල් ඇදුම ඇඳ තරුණයා ලබා දුන් හෙඞ්ෆෝන් පැලඳ සිටින ඇයගෙන් ඇයගේ හැඟීම පේ‍්‍රක්ෂකයාට ගම්‍ය කරවීමට අධ්‍යක්ෂකවරයා සියුම්ව සමත් වී ඇත ඇයගේ වෛරය තමන්ගේ ආදරයට බාධාකරන මහල්ලට දනවන ක්‍රෝධය විටෙක ආදර”ය බවක් හඟවයි’ හැඟීම් තුලින් මිනිසා පාලනය වන අන්දම පැහැදිලි කරත්ම ඇය විසින් සොයන ජීවිතය ඒ තුලින් නොලැබීම එයට ප‍්‍රදාන හේතුවයි’

චිත‍්‍රපටය අවසාන භාගයේදී මහල්ලා තම අරමුණ කෙරෙහි ලඟවීමට ගන්න උත්සාහයත් තරුණයා තම පේ‍්‍රමය ජයග‍්‍රහනය කිරීමට ගන්නා වෑයමත් උද්වේගකර ස්වරූපයකින් නිරූපණයක යෙදේ  මහල්ල නිදන සයනය එක්කිරීමත් කැලැන්ඩරය ඉරීමත් තම අරමුණ ඉටුකර ගැනීමට මෙන්ම  තරුණිය ආරක්ශා  කරග්ීනීමට දරණ වෑයමත් , තරුණයා  තරුණියගේ අනන්‍යතාවය සොයාවිත් ඇයව අයිතිකර ගැනීමට දක්වන වෑයමත් අපූරුවට නිරූපණය කරනු ලබයxි

අවසානයේදී  තරුණිය තරුණයා සමඟ බෝට්ටුවෙන් නික්මීමට දරණ අවස්ථාවන් තුල මහල්ලාගේ ක‍්‍රියාකලාපයමහත් වූ මිනිස් හැඟීම් රාශියක් නිරූපණය කරනු ලබයි’ ඔහු සියදිවි නසා ගැනීමට දරණ වෑයම තුල අවසන් මොහොත දක්වාම ඔහුගේ යටි සිත ඔහුට ජිවත් වීමට අණකරයි  ලණුව එක් අතකින් අල්ලගෙන සිටින ඔහු ලණුව කැපීමට ගන්නා උත්සාහයෙන් පැහැදිලි වේ’ නමුත් එය  ව්‍යර්ත වී තරුණිය නැවතත් බෝට්ටුවට පැමිණි පසු පිහිය හංගනු ලබන්නේ සිතේ පවතින අරමුණු ඇයට හසුවේයැයි බියෙනි’  ඒ ඔහුතුල පවතින ඇය කෙසේ හෝ අයිතිකර ගැනීමේ  අභිප‍්‍රාි’


අවසානයේ සියල්ල තෙරුම් ගන්න තරුණිය මහල්ලාව දෝවනය කරවන දර්ශනයෙන්, මහල්ලා කෙරේ ඇගේ තුල ඇති ආදරය සෙනෙහස පෙන්නුම් කරවයි 

අවසානයට පෙර තරුණයාගේ සිතෙහි පවතින ඇඟීම හා ඔහු මහල්ලාගේ හැඟීම්සමවත් සිතින් වටහාගන්න ආකාරය අපූරු උපහාසාත්මක සංකේතයකින් පෙන්නුම් කරවනු ලබයි 
එනම් තරුණිය හා මහල්ල විවාහ වී  බෝට්ටුවෙන් නික්ම ගිය පසු  ඔහු බෝට්ටුවේ සිටින කිකිලියන් දෙදෙනාට දක්වන ප‍්‍රතිචාරයයි

අවසානයේදී විඥනවාදී කථාකලාවකට හැරෙන අධ්‍යක්ෂවරයා ඉන් ගම්‍ය කරන්නේ මහල්ල තමන්ගේ මූලික අභිප‍්‍රාය වූ විවාහය තුලින් ජීවිතේ නව ඉපදීමක් යතාර්ථයෙන් ඔබ්බට ගොස්  පේ‍්‍රක්ශකයාට සමීප කරවනු ලබන්නේමහල්ලගේ චෛතසිකය කෙරෙහි තවදුරටත් සිතීමට පේ‍්‍රක්ශකයන්ට ඉඩ තබමිනි’ මෙහිදී ආදරය, යන මානව හැඟීම වෙනස්ම කියවීමකට භාජනය කරන අධ්‍යක්ශවරයා පේ‍්‍රක්ශකයාට සංකේථාත්මක සිනමාවක් දායාද  කිරීමට ගත් උත්සාහයක් සිනමා පඨිතය මුළුල්ලේම ගම්‍ය වේ


No comments:

      ISO & WHITE BALANCE   WHITE BALANCE Ever wonder why certain film is labeled as daylight film? This designation is used t...