Wednesday, September 18, 2019


 ටෙලිනාට්‍ය පුරාණය සහ දේශීය ටෙලිනාට්‍ය පෙලපත





රූපවාහිනියේ කලාව රූපවාහිනී නාට්‍ය 1920 දශකය වන විට ලෝකයේ රටවල් තුල
එනම් ඇමෙරිකාව බ‍්‍රිතාන්‍ය රුසියාව ප‍්‍රංශය හා ජර්මනිය වැනි රටවල ව්‍යාප්ත උවද එම
රූපවාහිනී මාධ්‍යයේ කල්ලත්මක ශක්‍යතාව පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ වන්නේ 1935
පමණ වන විටය
මුල් කාලයේ රූපවාහිනී නාට්‍ය වලට බලපානු ලැබුවේ ගුවන් විදුලි නාට්‍ය යිx 1928 දී
ආරම්භ වූ නාට්‍ය රූපවාහිනියට නැගුණු අතර එය 1953 දී නිමවිය, 1930 වනවිට එය ඉතා
ජනප‍්‍රිය වියx පසු කලෙක නැවතත් ගුවන් විදුලියෙ ප‍්‍රචාරය වූ රූපවාහිනියට
නැෙඟන්නට වියx මෙහිදී සබන් නිශ්පාදන ආයතන මේවා ප‍්‍රචාරය සඳහා යොදගත් නිසා
ඒවාSOAP OPERS නමින් ප‍්‍රසිද්දියට පත් විය

උදා : AS THE WORLD TURNS - -1942
         ON MAN FILM



සිනමාවේ හා ගුවන්විදුලියේ රඟපෑ නළු නිලියන් රූපවාහිනී ඔපෙරාවල රංගනයට දායක
වුවද රංගනයේදී දුශ්කරතා ඇති විය ඒ රූපවාහිනී කාර්යේදී දෙබස සජීවීව මතකයෙන්
කීමට සිදු වූ බැවිනි
මුල් කාලීන ව මෙහි තාක්ශණය ඉතා අවම මට්ටමක පැවතුනි’ මන්ද යත් ඉතා කුඩා
මැදිරි තුල දිවා කාලයේදී දැඩි ආලෝක තත්වයන් මැද වේශ නිරීපණ ආලේප තවරා
දහඩිය දමමින් නළු නිලියන්ට එක් කැමරාවක් ඉදිරිපිය රංගනයේ යෙදීමට සිදු විය
1950 දී බිහිවූTHE FIRST HUNDRED YEARS නැමති නාට්‍ය සේවා කිහිපයක් ඔස්සෙම
පලමු වරට විසුරවා හරින ලදී’ ඉන්පසු දවැන්ත මට්ටමේ රූපවාහිනී ඔපෙරා බිහිවන්නට
විය LUCILLE BALL , I LOVE LUCY, HERE’S LUCY මෙයට උදාහරණ වේ




1950 දශකය වනවිට ගුවන්විදිලියේ හා වේදිකාවේ ප‍්‍රබල බලපෑමට රූපවාහිනිය ලක්විය
සිනමාවේ සිටි නළුනිලියෝ , අධ්‍යක්ශකවරු, තිර රචකයන් , නිශ්පාදකයන්, බුරුතු පිටින්
මෙහි ඇදී ආහී නමුත් බොහෝ කාලයක් රුපවාහිනී ඔපෙරා හා නාට්‍ය නිශ්පාදන උසස්
තත්වයේ නිර්මාණ කළ එලි නොබැස්සේය
මෙහිදී මෙම රූපවාහිනී නාට්‍ය විෂේශිත වූ පේ‍්‍රක්ෂක කණ්ඩායමකුදෙසා වෙන වෙනම
නිපදවීය රාත‍්‍රී කාලයේදී ලිංගික පැත්තට වඩා නැඹුරු නාට්‍ය පෙන්වූ අතර දිවා කාල්යේදී
නිවෙස් වල සිටින කාන්තාවන් සඳහා වූ නාට්‍ය විය මුල් කාලීන නාට්‍යමය රසාංගවල
වස්තු විශය වූයේ ගැහැනුන් රවටා ගැනීම්, පේ‍්‍රම සබඳතා, පර අඹු සේවනය , ළඳරු
රෝග , මිනී මැරුම් ආදියයි


1950 දශකය අග භාගය වනවිට අධ්‍යක්ශවරුන් කිහිපදෙනෙක් යටතේ  බිහිවිය
එහිදී වෘතීමය රූපවාහිනී කරුවන් , නළුනිලියන්,බිහිවිය මෙහි කලාත්මක තත්වය පිළිබඳ
අත්හදා බැලීම් සිදුකෙරිනි
මෙයට සමකාලීනව විවිධ රටවල විවිධ කලා අංශ වල කලාකරුවන්ද මෙම ක්ෂේත‍්‍රයට
පැමිණියේය

මේ හේතුවෙන් රූපවාහිනියට වේදිකා නාට්‍ය ආභාශය ලැබීමෙන් රූපවාහිනී නාට්‍ය
TELE DRAM යන යෙදුම භාවිතයට පැමිණි අතර සිනමා කරුවන්ද රූපවාහිනියට
අවතීර්ණ වීම නිසා:(TELE FEATURE) යන යෙදුමද භාවිතයට පැමිණියහ මිට අමතරව
ශාලිකාතුල රූපවාහිනී නාට්‍ය පටිගත කල විට(STUDIO PLAY) ලෙසද රංග
අවස්ථාවේදීම සජීවීව විසුරවා හැරිය විට (LIVE DRAMA) ලෙස හැඳින් විය මෙසේ
මේ ද්විත්වයෙන්ම ආභාශය රූපවාහිනී ක්ෂේත‍්‍රයට පැමිණි නිසා රූපවාහිනියට ස්වාධීන
හා ආවේණික මඟක් ඔස්සේ මෙම නිර්මාන බිහිවිය යුතුය යන්න ඔවුනට අවබෝධ විය
ශබ්ද හා රූප වෙනමම් හැඟීමක් බිහි කරන සුවිශේෂී කලාවන් ලෙස රූපවාහිනී නාට්‍ය
නිපදවිය යුතු බව මෙහිදී අවධාරණයට යොමු විය

1970 දශකය වනවිට රූපවාහිනී නාට්‍ය පිලිබඳ නව ප‍්‍රවණතා බිහිවූ අතර රූපවාහිනී
මාධ්‍ය ආගන්තුක බව තුනී වීමත් සමග එහි කලාත්මක අත්හදාබැලීම් සබ්බ්දහාද යොමු වූ
හෙයින් එවකට සිටි ශ්‍රේෂ්ඨ කලාකරුවන්ද රූපවාහිනියට පැමිණියේය පිලිගත් සිනමා
කෘති රූපවාහිනියට නැගීමත් , පර්යේෂණ නාට්‍ය බිහිවීමත් සිනමාවේත් වේදිකා නාට්‍ය
යේ විධික‍්‍රම හා න්‍යය ඇසුරෙන් රූපවාහිනී නොව භාශාවන් සඳහා අත්හදා බැලීමක් මේ
යුගයේ සිදුවිය මේ හේතුවෙන් ශතවර්ශ 25ක පමන පැරණි නාට්‍ය ඉතිහාසයේ බොහෝ
කලා නිර්මාණ අද රූපවාහිනියට නඟා ඇත

 ගීත් ගේ ෆොස්ටි
 මහ භාරතය
 ජුලියස් සීසර්
 හැම්ලට්

තවද ඇලෙක්ස් හේලිගේ රූට්ස් නවකතාව ඇසුරෙන්ද රූපවාහිනී කලාවට නව අරුතක්
විවර විය

දේශීය රූපවාහිනි නාට්‍ය වංශය


1981 අග භාගය වන විට දේශීය රූපවාහිනී වංශය ආරම්භ විය මුල් කාලයේදී
රූපවාහිනී නාට්‍ය අංශය විසින් කරන ලද්දේ වේදිකා නාට්‍ය වේදිකාවක් හෝ රූපවාහිනී
ශාලිකාවක් තුල රූපවාහිනී සඳහා පටිගත කිරීමය

ශෛලිගත නාට්‍ය රස විඳීමට පොදු පේ‍්‍රක්ශකයාට රූපවාහිනිය මනා වේදිකාවක් වූ අතර
දේශීය වේදිකා නාට්‍ය පිළිබඳව නව උනන්දුවක් ඇතිකීරීමටද එම ප‍්‍රවණතාව හේතු වියx
රූපවාහිනියෙන් පෙන්වන ලද ඇතැම් වේදිකා නාට්‍ය සිනමාරූපී ලෙස ඉදිරිපත් කිරීමට
ඇතැමුන් උත්සහගෙන තිබුණි’ ධම්ම ජාගොඩ මහතාගේ හුණු වටයේ කථාව දෙවන
නිශ්පාදනය මෙයට නිදසුනකි 

කෙසේ වුවද මුල් කාලීන වේදිකා නාට්‍ය වල රූපවාහිනී නිශ්පාදන දෙස බලන විට
බටහිර රූපවාහිනී නාට්‍ය වල ආභාශය මොවුන් නොමදව ලබා තිබුණු බව පෙනේ
ධම්ම ජාගොඩ මහතා අපගේ වේදිකා නාට්‍ය උපයෝගී කරගෙන අතරින් පතර
පේ‍්‍රක්ශකයා සිනාසෙන බටහිර රූපවාහිනී කොමඩි ශෛලිය අපගේ රූපවාහිනියට
ගැලපීමට ගත් උත්සාහයක් ලෙස පරස්තාව නැමති වේදිකා නාට්‍යයේ රූපවාහිනී
නිශ්පාදනය දැක්විය හැකිය

පරාක‍්‍රම නිරිඇල්ල ගේ මුල්ම රූපවාහිනී අත්හදා බැලීම වනලමහත් හොරාල ළමයි
බමයිල, ඒකාංගිකයෙනුත් ලූෂන් බුලත්සිංහලගේ සූටින් මාටින් ඒකාංගිකයෙනුත් හාස්‍ය හා
කුතුහලයද ජනිත කරන කථා රූපවාහිනියට ගෙන ඇත.
නිශ්චිත වශයෙන් රූපවාහිනී නාට්‍ය ලෙස වර්ගීකරණය කල හැකි නාට්‍ය බිහි වුනේ, 1982
මුල් භාගයේදීයී රූපවාහිනී නාට්ය අංශය ආරම්භ වීමට පෙර සිටම ටෙලිසිනේ
ආයතනයේ ඞී බී නිහාල්සිංහ හා ඞී බී  සුරනිමල රූපවාහිනී නාට්‍ය නාට්‍යකරනයට
පිවිසියේය.

මෙහිදී කැපී පෙනෙන ලක්ෂණය වූයේ ජාතික රූපවාහිනී නාට්‍ය අංශයේ සිටි ධම්ම
ජාගොඩ මහතා ප‍්‍රධාන පිරිස රූපවාහිනී මාධ්‍ය කලාත්මක ශක්‍යතාවයක් ඇති මාධ්‍යක්
ලෙස තෙරුම් ගෙම රූපවාහිනී නාට්‍යකරණයට පිවිස සිටීම හා රූපවාහිනී සංස්ථාවට
පරිභාහිර වූ නිහාල්සිංහ ප‍්‍රමුඛ බලවේගය රූපවාහිනිය කලාව සඳහා යෝග්‍ය නොවන
මධ්‍ය ලෙස අර්ථ දක්වමින් රූපවාහිනී නාට්‍යකරණ්යට පිවිස සිටීමය

එවක රූපවාහිනී සංසථාවට බාහිරින් රූපවාහිනී නාට්‍ය කළ ඞී බී’ සුරනිමල( සඳමාලිගේ
කතාව 1982 ජනවාරී.) ඞී’බී නිහාල්සිංහ ( දිමුතු මුතු* 1984 ජනවාරී) සුමිත‍්‍ර පීරිස් (නලපාන
ජතකය1982 ජුලී ) තිස්ස අබේසේකර ( තමා හිසට තම අතමය සෙවනැල්ල) ආදීන්
සිනමාවේ නියැලී සිටි පිරිසකි. ඔවුන්ගේ සියලූම රූපවාහිනී නාට්‍ය මුළුමනින්ම
සිනමාත්මක ලක්ෂන තිබුණි 






නමුත් නාට්‍ය අංශයේ සිටි පිරිසට තමන් පෙර සිටි කලා
මාධ්‍ය හි , ආභාශය තම නිර්මාණවලට පාත‍්‍ර විය. ඔවුන් විසින් ගුවන් විදුලිය, හා
වේදිකාව රූපවාහිනී යට ගැලපීමට උත්සහ කල අතර ඔවුන් විසින් රූපවාහිනී නාට්‍ය
සඳහා ආභාශය ලැබුවේ බටහිර රූපවාහිනියෙනි.

රූපවාහිනී සංස්ථාව එළිමහනට රූපවාහිනී කැමරා ගෙනවිත් ප‍්‍රථම වරට රූපවාහිනී
නාට්‍යවන්නේ පරාක‍්‍රම නිරිඇල්ල ගේ ඇබැද්ධිය නාට්‍යයි මෙහිදි ජයලත්, සරණපාල , ජය
සූරිය , චන්ද‍්‍ර කලූ ආරච්චි ආදීහු රඟපැ ඞී.බී’ නිහාල්ස්ංහයන් දිමමුතු මුතු ප‍්‍රථම වරට
ජනප‍්‍රිය ආකෘතියක් තුල සරල කතන්දරයක් ගෙන හැර පැවේය.

රූපවාහිනී ඒකාංගික නාට්‍ය අතර උත්සව සමයන්ට විශේශිත වූ ලක්ෂනයකි බර්ට් ට‍්‍රම්
නිහාල්’ පරාක‍්‍රම නිරිඇල්ල සසර සයුරෙන් ලූශන් බුලත් සිංහලගේ වේසක් උදාව කදිම
නිදසුනකිි

මේ අතර වර්තාමය රූපවාහිනී නාට්‍ය ගොන්නක්ද බිහිවන්නට පටන් ගත්තේය . මේ
අතර විජය ධර්ම ශ‍්‍රී ගේ රිදී රේඛාව , රන් දොරුව , භාග්‍යා පරාක‍්‍රම නිරිඇල්ලගේ
නොහැක්කක් නොමැත ධර්මසේන පති රාජගේ ඟගුලෙන් එගොඩට, ලෙස්ටර් ‌ෙ‌ඡ්
පීරිස්ගේ සැලලිහිනි ගම්මානය බන්දුල විතානගේ ගේ අත්ත බි‌‌ෙ‌දයි මේ අතර වේ. මෙම
දෙපිරිස අතර කැපී පෙනුණු තවත් ලක්ෂණයක් වූයේ දෙපිරිසම සිය නාට්‍ය සඳහා වැඩි
වශයෙන්වස්තු කොට ඇත්තේ ගැජිසමාජය වීමය’ දිමුතු මුතු , පළිගු මැණිකේ ,ළාහිරු
දහසක්, එක මවකගෙ දරුවෝ ආදී රූපවාහිනී නාට්‍ය මීට නිදසුන් ලෙස දැක්විය හැකිය.
ක‍්‍රමයෙන් රූපවාහිනී නාට්‍ය පිළිබඳව පේ‍්‍රක්ෂක අවබෝදය හා රසවින්ඳනය ඉහලයාමත්
සමඟ උසස් නාට්‍ය බිහිවන්නට පටන් ගැනුණි එහිදී පරාක‍්‍රම නිරිඇල්ලගේ කඩඉම ලූෂන්
බුලත්සිංහලගේ පලායෑම විමලරත්න අධිකාරිගේ පාරමී දම්, ධර්මසේන පතිරාජගේ මායා
මන්දිර , සුදත් දේවප‍්‍රියගේ අඹ යාලූ‌‌ෙවෝ වැනි ප‍්‍රාසාංගික නාට්‍යනුත් බිහිවිය.
අපගේ විශ්වාසය රූපවාහිනී නාට්‍ය මඟින් පේ‍්‍රක්ෂකාගාරයේ අභ්‍යන්තරික
මනෝභාවයන් දක්වා ඉතා සූක්ශම ලෙස ප‍්‍රවේශ විය හැකි බවය. ඒ සඳහා නිදසුන් ධම්ම
ජාගොඩගේ පලිගු මැනිකේ, මිහිකත දරුවෝ වැනි නාට්‍ය රූපවාහිනී මාධ්‍යට සුවිශේෂී
ලක්ෂණ පහල කළේය. එවැන්නන් කල සේවාවන් රූපවාහිනී ඉතිහාසයේ අමරණීීීය වේ
ධර්මසේන පතිරාජ , ලූෂන් බුලත්සිංහල, පරාක‍්‍රම නිරිඇල්ල,ඞී’ බී නිහාල්සිංහ, තිලක්
ගුනවර්ධණ සහ බර්ට ‍්‍රම් නිහාල් වැන්නන් රූපවාහිනී ක්ෂේත‍්‍රය හරවත් කිරීමේ යෙදී සිටි
පිරිසකි


1 comment:

Gini said...

Good 👍 👍👍

      ISO & WHITE BALANCE   WHITE BALANCE Ever wonder why certain film is labeled as daylight film? This designation is used t...